Beruwala Urban Council பேருவளை நகரசபை

පරමාර්ථ ප්‍රකාශනය

බේරුවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වර්ග කි.මි.5.18 කින් යුතුව ග්‍රාම සේවා වසම් 10ක් කොට පිහිටුවා ඇත. එක් ප්‍රාදේශිය බල මණ්ඩලයක් වන්නේ බේරුවල නගර සභාවයි. මහජන සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම මහජන උපයෝගී සේවා පවත්වාගෙන යාම පොදු මංමාවත් පිළිබඳ සියළු කටයුතු විධිමත් කිරීම මහජනයාගේ පහසුකම් හා සුඛවිහරණ කටයුතු පවත්වාගෙන යාම ප්‍රදේශයේ අලංකාරය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම පාලනය හා පරිපාලන කටයුතු කිරීම මෙම සභාව වෙත පැවරී ඇති වගකීම් සම්භාරය වේ.

එබැවින් සභාවේ පරමාර්ථය වන්නේ ව්‍යවස්ථාපිතව පැවරී ඇති උක්ත වගකිම් නීත්‍යානුකූලව හා වඩා ඵලදායී ලෙස ඉටු කිරිමයි.

  1. නගර සභා පනත අනුව පැවරී ඇති ලිඛිත නීතිවල විධිවිධානයන් ක්‍රියාත්මක කිරීම.
  2. වෙනත් ලිඛිත නීති යටතේ ඇති විධිවිධානයන් ක්‍රියාත්මක කිරීම.
  3. බෝවන රෝග සහ වසංගත ඇතිවීම වැළැක්වීම.
  4. සෞඛ්‍ය අධ්‍යාපන සහ මාතෘ හා ළමා සෞඛ්‍ය වර්ධනය කරලීම හා ආරක්ෂා කිරීම.
  5. අන්තරාදායක හා අප්‍රසන්න වෙළඳ ව්‍යාපාර විධිමත්ව කිරීම හා පාලනය කිරීම.
  6. විකිණීමට තබා ඇතිආහාර ද්‍රව්‍ය පිළිබඳ තත්වපාලනය ඇති කිරීම.
  7. මහා මාර්ග කාණු පදික වේදිකා,බෝක්කු දිය අගල් ආදිය ඉඳිකිරීම හා නඩත්තු කිරීම.
  8. ගොඩනැගිලි හා ස්ථිර ඉඳිකිරිම්  විධිමත් කිරීම හා පාලනය කිරීම.
  9. පොදුවෙළඳපොළවල් පිහිටුවා පවත්වාගෙන යාම.
  10. සුසාන භූමි පවත්වාගෙන යාම.
  11. උද්‍යාන හා එළිමහන් ස්ථාන පවත්වාගෙන යාම.
  12. පුස්තකාල සේවා  පවත්වාගෙන යාම.
  13. ක්‍රීඩා පිටි ඇති කිරීම හා පවත්වාගෙන යාම.
  14. විවිධ කාර්යයන් සඳහා අවශ්‍ය අතුරු ව්‍යවස්ථා පැනවීම.
  15. පාරිසරික පවිත්‍රතාවය ආරක්ෂා කිරීම හා පවත්වාගෙන යාම.
  16. මහජන සුඛවිහරණය සඳහා නගර සභා පනතේ  ඉඩදී ඇති සීමාව තුළ අවශ්‍ය කටයුතු සැලසීම.
  17. ජාතික සංවර්ධනෙය්දී මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය සභාය පළාත් සභාව මගින් සැපයීම.
  18. ප්‍රදේශයේ ජනතාව ගෙවන බදු මුදලේ ප්‍රතිලාභ හැකි උපරිම අයුරින් ආපසු ඔවුන් වෙත ලබාදීම සියල්ලන් අරමුණුකොට ඇත.