Beruwala Urban Council பேருவளை நகரசபை

සභාවේ ඉතිහාසය

1985 වර්ෂයේදී එවකට පැවති නගර සභා කාර්යාල ගොඩනැගිල්ල ගින්නට හසු වී විනාශ වු බැවින්, එම වර්ෂයට ප්‍රථම ඉතිහාස තොරතුරු දින වකවානු සමඟ පැහැදිලිව දැක්වීමට අපහසු වි ඇත. බේරුවල නගර සභා ඉතිහාසයේ (දැනගත් තොරතුරු අනුව) නගරාධිපතිවරුන් පහත සඳහන් ලෙස පිළිවෙලින් දැක්විය හැක.

  1. ජේ.පී.ඒ.පෙරේරා මහතා
  2. අයි.එල්.එම්.යුසුෆ් මහතා
  3. එෆ්.අයි.එම්.ප්‍රනාන්දු මහතා
  4. එෆ්.එස්.එම්.ජාබීර් මහතා
  5. එම්.ඒ.බාකීර් මාකර් මහතා
  6. ඒ.ඩබ්.ඩබ්.රාසික් මරික්කාර් මහතා
  7. එම්.එස්.ඒම්.ෆලීල් මහතා                                             1983 වර්ෂයේ සිට 1997 දක්වා
  8. එම්.එෆ්.මර්ජාන් අස්මි මහතා                                       1997 වර්ෂයේ සිට 2002 දක්වා
  9. මොහොමඩ් මසාහිම් මොහොමඩ් මහතා                       2002 වර්ෂයේ සිට 2011 දක්වා
  10. මොහොමඩ් හසන් මිල්ෆර් කෆුර් මහතා                        2011 වර්ෂයේ සිට 2015 මැයි දක්වා
  11. මොහොමඩ් මසාහිම් මොහොමඩ් මහතා                       2018 වර්ෂයේ සිට මේ දක්වා

කොමසාරිස්වරු වශයෙන් පහත නම් සඳහන් අය බේරුවල නගර සභාවේ පරිපාලනයට දායක වී ඇත.

  1. අධිනීතිඥ එම්.ඒ.එම්.හනෆි මහතා
  2. ලලිත් හෙට්ටිආරච්චි මහතා
  3. සුමනපාල මහතා
  4. නව්ෆර් එස්.ජාබීර් මහතා
  5. බී.ඩී.ඒ.කේ ගයන්ති මිය

1928 වර්ෂයේ පමණ සැනිටරි බෝඩ් නමින් හැඳින්වුණ සෞඛ්‍ය මණ්ඩලය පසුකාලයකදී නාගරික දිස්ත්‍රික් සභාව ලෙසද, වර්තමානයේ දී නගර සභාව ලෙසද හැඳින්වේ. එකල මෙම ආයතනයෙන් වරිපනම් අයකිරීම හා ජෙනරේටරයකින් විදුලිය සැපයිම සිදුවී ඇති අතර, වරිපනම්  නොගෙවූ නිවෙස් හිමියන්ට විවිධ ක්‍රම අනුව දඩුවම් ලබාදී ඇති බව පැරැන්නන් මගින් දැනගැනීමට ලැබී ඇත.

එවකට කාර්යාල ගොඩනැගිල්ලක් කුලියට ලබාගෙන නගරාධිපති වශයෙන් ජේ.පී.ඒ.පෙරේරා මහතා කටයුතු කර ඇති අතර ,එතුමා පදිංවිව සිටි නිවස පිහිටා තිබු පාර අදටත් “පෙරේරා පාර” නමින් හඳුන්වනු ලැබේ. එවකට සිටි නගරාධිපති එෆ්.අයි.ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලීක ධනයෙන් මාතෘ නිවාසයක් ඉඳිකර ජනතා අයිතියට පවරාදී ඇති බවත්, බේරුවල රෝහල ස්ථාපිත වී ඇත්තේ දැනට එම ස්ථානයේ බවත් තතුදත් අය පවසති.

1933 න් පසු 1956 දක්වාම නගර සභික වශයෙන් හා නගරාධිපති වශයෙන් අයි.එල්.එම්.යුසුෆ් මහතා ( පසුව උප නගරාධිපතිවරුන් ලෙස සිටි ෆාසි යුසුෆ්, රාසික් යුසුෆ්, සුහයිබ් යුසුෆ් යන මහත්වරුන්ගේ පියාණන්) කටයුතු කර ඇත.

එකල ජනප්‍රිය ස්වාමින්වහන්සේ නමක් වු මාලේවන ඤාණිස්සර හිමිපාණන් කොළඹ සිට තම ආරාමයට ඒමේ දී පොල්කොටුව හරහා දීනගොඩ මැදින් ඒම පුරුද්දක් කර‍‍ගෙන සිට ඇත.ගරු ස්වාමින්වහන්සේගේ එම ගමන නැවතී ඇත්තේ අයි.එල්.එම්.යුසුෆ් මහතාගේ අභාවයත් සමඟය.

එෆ්.එස්.එමි.ජාබීර් මහතාගේ පාලන කාලය තුළ නගර සභා මුදලින් දැනට නගර සභා කාර්යාලය තිබෙන ඉඩමේ ඉදිරි කොටසත්, එයට අයිති පරණ නිවසත් මිලදී ගෙන ඇත. එෆ්.එස්.එම්.ජාබීර් මහතා විසින් මිලට ගත් ඉඩම සහිත ගෙය නගර සභා කාර්යාල සහ පුස්තකාල වශයෙන් පවත්වාගෙනගොස්ඇත.

ජල මුද්‍රිත වැසිකිළි එවකට තිබී නැති අතර, බාල්දි සහිත වැසිකිළි තිබී ඇත.එම වැසිකිළි අපද්‍රව්‍ය හා නගරයේ කුණු ගෙන යන ලද්දේ ගොන් කරත්තවලිනි.

යු.ඩී.සී.කාලයේ තිබු කුඩා වෙළඳපොළ (මාර්කට් එක) ඉවත් වී ඊට පසුව ඇති වු වෙළඳපොළ වෙනුවට (එම වෙළඳපොළ තිබී ඇත්තේ දැනට ඇපලෝ ෆාමසිය තිබෙන ස්ථානයේ) නගරාධිපති රාසික් මරික්කාර් මහතා විසින් සුපිරි වෙළඳ සංකිර්ණය ඉඳිකර ඇත.

නගර සභා ගොඩනැගිල්ලේ පිටුපසින් ඇති තානායම සහිත ඉඩම අධිනීතිඥ එම්.ඒ.එම්.හනෆි මහතා විසින් සභා අරමුදලින් මිලයට ගෙන තානායම ඉඳිකර ඇත.

නගර සභාව නිසියාකාරව පවත්වාගෙන යාමට ස්ථිර කාර්යාල පරිශ්‍රයක අවශ්‍යතාවය තිබු කාලවකවානුනක,එවකට පාලන අධිකාරිය මඟින් 1985 වර්ෂයේ දෙසැම්බර් මස 6 වන දින මුල්ගල තබමින් ආරම්භ කළ අංග සම්පූර්ණ කාර්යාල පරිශ්‍ර ගොඩනැගිල්ල 1987 වර්ෂයේ ජූනි මස 22 දින ජනතා අයිතියට පවරමින් විවෘත කර ඇති බව නගර සභා ඉතිහාස පොතෙහි සනිටුහන් වී ඇත. වර්තමානයේ ද ඇත්තේ එකි ගොඩනැල්ල වේ.

නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට හා අධ්‍යාපනය හදාරන දරු දැරියන් හට විශාල අඩුවක්ව පැවති පුස්තකාලය සඳහා 1986 වර්ෂයේ දෙසැම්බර් මස 03 වන දින මුල්ගල තබා, කෙටි කාලයක් තුල ඉදිකිරිම් කරමින් 1987 වර්ෂෙය් ජූනි මස 22 වන දින එය විවෘත කිරිමට කටයුතු කර ඇත.

බල ප්‍රදේශයේ යටිතල පහසුකම් වර්ධනය කරමින් සියලුම ප්‍රධාන මාර්ගයන් කාපට් කිරීමට ද අතුරු මාර්ගයන් ප්‍රතිසංස්කරණය කිරීමට ද පියවර ගෙන ඇත. කාණු පද්ධතින් ද නිසියාකාරව ප්‍රතිසංස්කරණය කර ඇත.

2011 වර්ෂයේ දෙසැම්බර් මස 15 වන දින නගර සභා පරිශ්‍ර භූමිය තුළ මුල්ගල තබමින් ඉදිකිරිම් ආරම්භ කරමින් මාසයක් වැනි සුළු කාලයක් තුළ සාදා නිම කළ ගොඩනැගිල්ලක නොමිලේ පවත්වාගෙන යාම සදහා පෙර පාසැලක් විවෘත කිරිමට හැකිවීම ප්‍රදේශවාසින්ට මහත් සහනයක් විය.

2015-02-16 දින සිට නිදහස් ආයුර්වේද බෙහෙත්ශාලාවක් ද ආරම්භ කරමින් ප්‍රදේශවාසින්ගේ සෞඛ්‍ය තත්වය නංවාලීමට පියවර ගෙන ඇත. 2014-12-23 දින ඊ නැණසලක් ද විවෘත කිරීම තුළින් අධ්‍යාපනය හදාරන දරු දැරියන්ට මෙන්ම වැඩිහිටියන්ට ද තාක්ෂණික අධ්‍යාපනය ලබා ගැනිමට අවස්ථාව සලසා ඇත.

2015 මැයි සිට 2018.05.25 දක්වා ලේකම් හා සභාවේ කාර්යය කර්තව්‍ය සහ බලතල ක්‍රියාත්මක කිරීමේ නිලධාරි ලෙස බී.ඩී.ඒ.කේ. ගයන්ති මිය කටයුතු කළාය.                                                                                                

නගර සභා පරිශ්‍රය ප්‍රියමනාප අන්දමින් දැකුම්කළු ආයතනයක් ලෙස පරිවර්තනය කර ඇති අතර, නගර සභා බල ප්‍රදේශය තුළ පදිංචි නිවැසියන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරිමට අවශ්‍ය සියලු පහසුකම් සලසා

ඇත. 2015 වර්ෂය පරිපාලනයේ සන්ධිස්ථානයක් වු අතර, ඵලදායිතා ක්‍රියාවලියට අනුගතවී කෙටි කාලයකින් ලද මහඟු ජයග්‍රහණයක් වු බැවින් එයද ඉතිහාසගත සිද්ධියකි.

අප තවත් පියවරක් ඉදිරියට තබමින්, 2016 වර්ෂය සඳහා කාර්ය සාධන තරඟාවලියෙන් කළුතර දිස්ත්‍රික්කයේ නගර සභා අතුරින් තෙවැනි ස්ථානය දිනාගෙන සම්මානයක් හිමිකරගැනීම බේරුවල නගර සභා ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් වූ කරුණකි. එම තරඟාවලියෙන්ම පුස්තකාලය හා ආදායම් එක්රැස් කිරීම වෙනුවෙන් කුසලතා සම්මානද හිමිකරගැනීමට හැකිවීම අප ලැබූ තවත් ජයග්‍රහණයකි. මෙම ඉලක්කයන් සඳහා ලඟාවීමට බේරුවල නගර සභාවේ සමස්ත කාර්ය මණ්ඩලය හා ප්‍රදේශවාසි ජනතාව ලබාදුන් සහාය ඉතා අගනේය.

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේ අධීක්ෂණයට ලක්වන සියළුම රාජ්‍ය ආයතන වල මූල්‍ය පාලන නීති රීති හා රෙගුලාසි වලට අනුගත වීම හා කාර්ය සාදනය පිළිබ දව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ඇගයීම අනුව ඉහළ කාර්ය සාදනයක් පෙන්නුම කරන ලද ආයතන 837කින් 2016 වර්ෂයේදී උසස් කාර්ය සාධනයක් ආයතන 101ක් සදහා ජාතික සම්මාන ප්‍රධානය 2018 සැප්තැම්බර් 05 වන දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේදී පැවති අතර බේරුවල නගර සභාව 2016 වර්ෂය සදහා එම සම්මාන ප්‍රධානෝත්සවයේදී සතුටුදායක ඇගයීමට පාත්‍රවීම බේරුවල නගර සභාව ලබා ගත් තවත් ජයග්‍රහනයකි.                                                                                         

බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවිම හා බෝනොවන රෝග තුරන් කිරීමේ අරමුණින් බේරුවල මරදාන ප්‍රදේශයේ 2018.07.21 දින ඉදි කරන ලද කාය වර්ධන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරන ලදි. ප්‍රදේශයේ ප්‍රධාන ඇළ මාර්ග පිරිසිදු කරමින් ගං වතුර තර්ජනයට සාර්ථකව මුහුණ දීම සදහා 2018.11.05 දින අපිරිසිදු තත්වයේ පැවති සිල්ලිය ඇළ පිරිසිදු කර සභාපති ප්‍රධානත්වයෙන් ඒ අවට කුඹුක් පැළ රෝපණය කරවීය. . එමෙන්ම පැලස්පාත්,සමඩ් මාවත, අරාබි පාර, අබ්දුල් රසාක් මාවත, මංගල පාර, ආදිල් බාකීර් මාකර් මාවත, සාවියා පාර, මේ වන විට කාපට් කර අවසන් කර ඇත. සභා බල ප්‍රදේශය තුළ වසම් දහයම ආවරණය වන පරිදි සභාව සතු මාර්ග හා අතුරු මාර්ග තාර දමා පැති කාණූ බැඳ සංවර්ධනය කර ඇත. නගර සභා බල ප්‍රදේශය තුළ ඇති සභාවට අයත් පාරවල් තිස් දෙකක් සදහා මේ වන විට කළුගල් නාම පුවරු හැට හතරක් සවි කිරීමට කටයුතු කර ඇත.

දැක්මට අනුව කටයුතු කිරීම අපේ තේමාවයි.