කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 16 අතර බේරුවල නගර සභාවට හිමිව ඇත්තේ විශිෂ්ට ස්ථානයකි. බේරුවල නගර සභා බල ප්‍රදේශයේ සිංහල, මුස්ලිම්, දමිළ ජන සංයුතියෙන් යුක්තවීමත් බෞද්ධ, ඉස්ලාම්, හින්දු හා කතෝලික ආගමික සංයුතියෙන් යුක්තවීමත් අතීතයේ සිටම ධීවර කර්මාන්ත හා සංචාරක කර්මාන්තය මුල් කරගත් වාණිජ මධ්‍යස්ථානයක් වී තිබීමත් මීට හේතු වී ඇත.
බේරුවල, කොළඹ සිට දකුණු පළාතට යනවිට පළමුව හමුවන ප්‍රධාන ධීවර වරාය අද බේරුවල ප්‍රකට ධීවර වරායක් වුවත්, අතීතයේ ප්‍රකටව ඇත්තේ වෙළඳ වරායක් ලෙසිනි. මෙහි අතීතය කොළඹ වරායටත් වඩා පැරණිය. ලංකාවට පැමිණි අරාබි ජාතික වෙළඳුන් එදා ගොඩබැස්සේ වත්මන් බේරුවලටය. අරාබි බසින් බේරුහල් යන්නෙන් මුහුදු බොක්ක යන්න ගම්‍ය වී ඇත. අරාබිය, ඊජිප්තුව, මාලදිවයින, මැදපෙරදිග ඔස්සේ මෙහි පැමිණි මෙම වෙළෙන්දෝ බේරුවල නැංගුරම් දැමු පසු එකල විදේශිකයන් විසින් හඳුන්වා දී ඇත.
ක්‍රි.ව.1085 දී මෙරට සතුරු බලය පරදා (පොළොන්නරු යුගය ) රට එක්සේසත් කරමින් රජ වු විජයබා රජු අභිෂේක ලබාගත් උත්සවය සඳහා බ්‍රාහ්මණයන් ඉන්දියාවේ සිට ලංකාවට ගෙන්වාගත් බව ද , එම කාර්යය සිදු කරනු ලැබුවේ බේරුවල ලැගුම් ගත් “පෙරියමුදලිමරික්කාර්” ඇතුළු ඉස්ලාම්වරුන් 06 දෙනෙකුගෙන් යුත් නාවික කණ්ඩායමක් විසින් බව සඳහන් වේ. මෙසේ එම කාර්යය මැනවින් ඉටුකළ පිරිසට රජු විසින් තඹ සන්නසකින් තුති පිදු බව සදහන්ය. එම සිද්ධියට අදාළව රචිත “හෙළදිවබමුණුවත” පද්‍ය රචනා වෙහි බේරුවල යනු “බෑ-රුවල”නොහොත් රුවල් බාපු තැන ලෙස හැඳින්වේ. අතීතයේ බහු මන්ත්‍රී බල ප්‍රදේශයක්වු බේරුවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය වර්ග කිලෝ මීටර 70.04 ක් වන අතර , නගර සභා සීමාව ග්‍රාමනිලධාරි වසම් 10 කින් යුතු වර්ග කිලෝ මීටර් 5.18 ක භූමි ප්‍රදේශයකට සීමාවී ඇත.
- උතුරට – මරක්කලවත්ත සහ කරදෙගාඩ ගම්මායිම්ව
- නැගෙනහිරට – පන්නිල, අඹේපිටිය සහ හෙට්ටිමුල්ලගම්මායිම්ව
- දකුණට – මොරගල්ලගම්මායිම්වබස්නාහිරට – මුහුද දෙසින්
ශ්‍රි ලංකාවේ තෙත් කළාපයට අයත් මෙම නගර සභා බල ප්‍රදේෂයේ වාර්ෂික වර්ෂාපතනය මි.මී.100ට වැඩිවන අතර, වර්ෂය මුළුල්ලේම වර්ෂාපතනය ලැබේ. භූගෝලිය වශයෙන් ගත්කළ විශේෂිත වු කදුවැටිවලින් තොර වු වැලි මිශ්‍රිත පසකින් යුක්තය.මෙම බල ප්‍රදේශය වනරක්ෂිත නොමැති අතර, තැනින් තැන ලදු කෑළෑ දක්නට ලැබේ. තැනින් තැන වගුරු බිම් පිහිටා ඇති අතර, මේවා මුහුදු මට්ටමට වඩා පහළින් පිහිටා ඇති බැවින්, වඩ දිය අවස්ථාවේ දී මුහුදු ජලය වගුරුබිම් දෙසට ගලායන ආකාරයක් දක්නට ලැබේ.