ආරම්භක උත්සවය හා ජංගම සේවා වැඩසටහනබේරුවල නගර සභාව විසින් සංවිධානය කරන ලද “පළාත් පාලන සතිය – 2026” නිමිත්තෙන් ආරම්භක උත්සවය හා ජංගම සේවා වැඩසටහන 2026.09.14 දින බේරුවල මාලිගාහේන සෑම් රිෆායි හජියාර් පාසල් ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවැත්විණි.මෙම ජංගම සේවා වැඩසටහන බේරුවල නගර සභාව, බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ බේරුවල පොලිස් ස්ථානය ඒකාබද්ධව සංවිධානය කරන ලදී.මෙම අවස්ථාව සඳහා බේරුවල නගර සභාවේ සභාපති එම්.ඒ.එම්. මබාසිම් මහතා ඇතුළු ගරු මන්ත්‍රී මණ්ඩලය, බේරුවල ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, බේරුවල නගර සභාවේ ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම බේරුවල පොලිස් ස්ථානාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පොලිස් නිලධාරීන් ද සහභාගී වූහ.ජනතාවට අවශ්‍ය රාජ්‍ය හා පළාත් පාලන සේවාවන් වඩාත් සමීපව හා කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් මෙම ජංගම සේවා වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.ජනතාවට සමීප සේවයක් – කාර්යක්ෂම පළාත් පාලනයක්!බේරුවල නගර සභාව – ජනතා සේවයේ නව පියවරක්.















More Stories
2025.07.21 වන අද දින බේරුවල නගර සභාවේ අභිනව නගරාධිපති ලෙස ගරු මොහමඩ් අසාහිර් මොහමඩ් මෆාසිම් මැතිතුමාගේ නිල වැඩකටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය බේරුවල නගර සභා පරිශ්‍රයේදී පැවැත්විය.