Beruwala Urban Council பேருவளை நகரசபை

නගර සභා ගීතය

ජනසෙත සලසන නගරෙහි දිදුලන ආයතනයක් ලෙසින්
ඵලදායී ලෙස සියළු දනන් හට සේවය සපයන්නට වෙහෙසෙයි
 උපදින ඉපදුන හැමටම මෙහෙයක් කරනට ඇප කැප වෙයි
 බේ…රුවල නගර සභාව හැමටම යහපත සලසා ලයි
 
මාතෘ සායන පුස්තකාල හා හෙළ ඔසු හල සමඟින්
පොඩි දරුවන් හට අකුරු කරන්නට පෙර පාසලක් තුළින්
අරඹා ඇති බව රැකගත යුතු බව වටහා ගන්න නිතින්
සැලසෙන සේවය ලැබ ගනු සැම දින සැමදා සතුටු සිතින්
 
පවිත්‍රතාවය රැකුමට නිරතුරු කම්කරුවන් වෙහෙසෙයි
ගමන් මඟෙහි අවදානම දුරුකර නිති පහසුව සලසයි
වෙළ හෙළඳාමෙන් නගරය තුළ ඇති සල්පිලි නිති සරුවෙයි
සිංහල යෝනක දමිළ සොයුරු කැළ සැමටම සෙත සලසයි
 
සුවසෙත යහපත නිති සපුරාලන නගර සභා සේවේ
දැනුම ලබා දී මනස වඩන්නට පුස්තකාලෙ පේ වේ
නැණසල සැමටම ලොවක් දකින්නට මං පෙත් සලසා දේ
බේරුවලට ලද මිණි කැටයකි මේ සලසන ආලෝකේ……
 
 
පද රචනය – එම්.ජේ.එම්. ඒ පද්මකාන්ති
සංගීතය හා ගායනය – ජයන්ත රත්නායක