Beruwala Urban Council பேருவளை நகரசபை

ලේකම්තුමියගේ පණිවිඩය

බේරුවල නගර සභාවේ ලේකම් ලෙස අපගේ වෙබ් අඩවියට පිවිසෙන ඔබ සාදරයෙන් පිළිගනිමි.

බේරුවල නගර සභාවේ ලේකම්වරිය වන මම නගර සභා වෙබ් අඩවියට පියනගන ඔබ සාදරයෙන් පිළිගනිමි. කළුතර දිස්ත්‍රික්කයේ සුන්දර ස්ථාන කිහිපයක් වන බේරුවල ධීවර වරාය, යාත්‍රාංගනය, ප්‍රදීපාගාරය හා මුහුඳු තීරයට හිමිකම් කියන බේරුවල නගරය ආර්ථික මධ්‍යස්ථානයක් වශයෙන්ද ක්‍රියාත්මක වේ. මෙම ප්‍රදේශයේ ජීවත් වන විවිධ ජන කොටස් සඳහා වන යටිතල පහසුකම් හා පොදු අවශ්‍යතා සපුරාලීමට හා මනා සංහිඳියාවකින් යුතුව කටයුතු කිරීමට පළාත් පාලන ආයතනය යටතේ උපරිම සේවාවක් ලබා දීමට කටයුතු සලසා ඇත.

තවද, බේරුවල නගරයේ පවතින මැණික් ව්‍යාපාරිකවෙළඳපොළ හා සංචාරක ව්‍යාපාරය මඟින් විදේශ විනිමය ළඟා කර ගැනීමේ කාර්ය සඳහා ජනතාව දිරිමත් කිරීමේ වැඩ පිළිවෙලක් ද සකසා ඇත.

මෙම වෙබ් අඩවි තුළින් බේරුවල නගර සභා සීමාවේ ජනගහනය අයත් වන භූමි ප්‍රමාණය ඇතුළු වෙනත් සංඛ්‍යා ලේඛන තොරතුරු, ඉදිරි සැලසුම් හා ක්‍රියාත්මක සැලසුම් පිළිබඳව කරුණු දැන ගැනීමට හැකියාව සලසා ඇත.

ඉදිරියේදී මෙම වෙබ් අඩවිය තවත් දියුණු කිරීමට කටයුතු කරන අතර, ලෝකයේ ඕනෑම තැනක සිට බේරුවල නගර සභාව හා සම්බන්ධ වීමට ඔබට හැකි බව කාරුණිකව සඳහන් කරන අතර, ඔබට නිරන්තරයෙන් අපගේ සේවා ලබා දීම සඳහා සැදී පැහැදී සිටින බව කාරුණිකව සිහිපත් කරමි.